News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Sunday, January 29, 2023

2023 අභිනව ශිෂ්‍ය නායක නායිකාවෝ දිව්රුම් දෙති : The Swearing-in Ceremony of The Board of Prefects 2023

ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත්වීම්
ලබන පිණිදු පියුෂාන් පුතණුවන් :
Reciving the Appointment as the
Head Prefect : Master Pinidu Piyushan

ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ 2023 අභිනව ශිෂ්‍ය නායක - නායිකාවන් දිව්රුම් දීමේ අවස්ථාව ඊයේ (2023 ජනවාරි මස 29වන ඉරිදා), චාම් එහෙත් අභිමානවත් ලෙස, එම පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි. දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය නදීක තනුජය ගුරුතුමා විසින් 11වන වරටත් සංවිධානය කර තිබූ මේ අවස්ථාව, ප්‍රධානාචාර්ය අතිජූජනීය ඇහැටුවාගම ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අභිනව දහම් පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය දසදෙනෙකුගෙන් සමන්විත වූ අතර, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත, ගරු ආචාර්ය මණ්ඩලය විසින් මේ පිරිස තෝරාගත් අතර, ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරය හැර ඉතිරි තනතුරු නවයම ශිෂ්‍යයාවන් විසින් දිනාගෙන තිබීම මෙවර විශේෂත්වයක් විය. ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස කේ.ඒ. පිණිදු පියුෂාන් විජයතිලක පුතණුවන් පත් වූ අතර, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඩී.ඩී. සිත්මි මින්සරා දෙව්පුර දියණිය තේරී පත් වූවා ය. The swearing-in ceremony of newly appointed board of Prefects for 2023 of  Aswana Sri Dharmarathnodaya Dhamma school, Aswana, Minuwangoda, Gampaha District, Sri lanka, was held in yesterday (29th January 2023), gracefully but proudly at the temple. This event which was organized for the 11th time, by Mr. Nadeeke Thanujaya, who is the teacher in-charge of board of Prefects of the Dhamma School. This event was chaired by The Most Venerable Ahetuwagama Annada Nayaka Thero, who is the Headmaster of the Dhamma School. The Prefects Board was concist of ten students, who were selected by the Academic Staff of the Dhamma school, through the results of a structural interview. It was remarkable that all the nine posts were won by female students except the Head Prefect post. Master Pinidu Piyushan Wijayathilaka was appointed as the Head Prefect (Male) and Daughter D.D. Sithmi Minsara Dewpura as the Head Prefect (Female).
අභිනව සිසු නායකයන් අමතන,දහම් පාසල් ආචාර්ය
සඳුන්පුර රේවතාලංකාර හිමිපාණෝ :
The Speach of the Ven. Sandunpura
Rewathalankara Thero

අප දහම් පාසලේ ගරු වැඩ බලන ප්‍රධානාචාර්ය හේමකුමාර විජේසූරිය ගුරු පියාණෝ මෙම අවස්ථාවේදී සිය හතළිස් වසරකට අධික දහම් ගුරු දිවිය අවලෝකය කරමින් සිසු නායකයන්ට අදහස් දැක්වූ අතර, ආරාධිත දේශනය පැවැත්වූයේ අප දහම් පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, දායක සභාවේ ගරු ලේකම් චාමර නිලංග මුතුකුඩ මහත්මා විසිනි. අප දහම් පාසලේ හිටපු ගුරුවරයෙක් ද වන එතුමා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරයාගේ දහම් පාසල් පන්ති සගයකු වීම ද මෙහිදී කැපීපෙනුණි. ආදර්ශවත් ප්‍රායෝගික ශිෂ්‍ය නායකයකු ලෙස සහෝදර ශිෂ්‍යයන් සමඟ එක්ව කටයුතු කරන අතරතුර තම පෞද්ගලික ආධ්‍යාත්මික ශික්ෂණය දියුණු කරගන්නා අයුරු, අභිනව ශිෂ්‍ය නායකයන්ට එතුමා පැවැත්වූ හරබර දෙසුමේ සාරාංශය විය. Mr. Hemakumara Wijesooriya, who is the Acting Headmaster of the Dhamma School, delivered a valuable speech to the newly appointed Prefects, reflecting his forty years of Dhamma School teaching career. The Guest Speech was made by one of Our distinguished Alumnies, Mr. Chamara Nilanga Muthukuda, who is the Hon. Secretary of the Dayaka Sabha. It was remarkable that he was not only an old boy of us, but also one of the classmates of the Teacher in-charge of board of Prefects. The summery of his precious speech was "How to develop your own spiritual descipline, while working together with your brothers as a model of practical student leader" 
ගෙවී ගිය එකොළොස් වසරක දහම් පාසල්  
ආරාධිත දේශනය : දායක
සභාවේ ගරු ලේකම්තුමා : The Guest Speech, 
Hon. Secretary of the Dayaka Sabha. 
ශිෂ්‍ය නායක මණ්ඩල ඉතිහාසයේ තේරී පත්වූ ශිෂ්‍යනායක නායිකාවන්  සඳහා  වෙන වෙන ම පත්වීම් ලිපියක් නිකුත් කිරීමට හැකිවීම  මෙවර ශිෂ්‍ය නායක දිනයේ තවත් එක් විශේෂත්වයක් විය. අප දහම් පාසලේ සහකාර නිසි බලධාරී / පරිපාලන, හිමාලි ප්‍රියදර්ශනී ආචාර්යතුමිය ඇතුළු සහෝදර ආචාර්ය මණ්ලයේ සැලකිය යුතු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ. It is also remarkable, that we are able to issue an individulal appointment letter to each prefect in this time, in the past eleven years of Board of Prefects' history. A considerable staff crew were present there, inluding Ms. Himali Preyadarshani, the Assistant Overall Commander / Administration, of the Dhamma School.

තමන්ට ලැබුණු මේ වටිනා අවස්ථාවෙන් තමන් ආධ්‍යාත්මික ව දි්‍යුණුවනවා සේම, තම දහම් පාසල ද අදට වඩා දි්‍යුණු කර හෙට පත්වන නව නායකයන්ට ලබා දෙන්නට අභිනව සිසු නායකයන්ට හැකි වේවා යි ! ආශිංසනය කරමි. I wish all the prefects to be able to develop Dhamma School, more than today and handed it over to the future leaders, while developing them own spititualy, by utilizing this goldern oppertunity.

අභිනව ශිෂ්‍ය නායක - නායිකාවෝ, ගරු ආචාර්ය මණ්ඩලය සමඟ :The Prefects with the Academic Staff











යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
Mr. U.A. Nadeeke Thanujaya Ramyasiri Wijerathna
නිසි බලධාරී හා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය
Overall Commander & Teacher In-Charge, Board of Prefects
අස්වාන දහම් පාසල
Aswana Dhamma School, Sri Lanka
2023-01-30

2023 අභිනව ශිෂ්‍ය නායක / නායිකාවෝ


නම

ශ්‍රේණිය

තනතුර

කේ.ඒ. පිණිදු පියුෂාන් විජයතිලක 12 ‌‌ශ්‍රේණිය ප්‍රධාන ශිෂ්‍ය නායක
ඩී.ඩී. සිත්මි මින්සරා දෙව්පුර 11 ‌‌ශ්‍රේණිය ප්‍රධාන ශිෂ්‍ය නායිකා
ඒ.ඒ. නඳුනි නෙත්සරණි අමරසිංහ 11 ‌‌ශ්‍රේණිය උප්‍රධාන ශිෂ්‍ය නායිකා 1
ඩී.එම්. පමුදි මහිංසා පෙරේරා 09 ‌‌ශ්‍රේණිය උපප්‍රධාන ශිෂ්‍ය නායිකා 11
ජේ.ඒ. රිසින්දි නෙහස්නා ජයකොඩි 09 ‌‌ශ්‍රේණිය ප්‍රධාන සභාපති
ඒ.පී. ගගනි විහාරා අබේසිංහ 09 ‌‌ශ්‍රේණිය ප්‍රධාන ‌ලේකම්
‍ජේ.ඒ. චමෝදි චතුරිකා 09 ‌‌ශ්‍රේණිය ප්‍රධාන භාණ්ඩාගාරික
එස්.එච්.පී. දිනුගි දිනෙත්මා තිලකරත්න 08 ‌‌ශ්‍රේණිය උපසභාපති
ඩී.ඩී.ඒ. මල්ෂරී හංසමාලි දසනායක 08 ‌‌ශ්‍රේණිය උපලේකම්
කේ.ඒ. කෙනුලි තෙනාරා විජයතිලක 08 ‌‌ශ්‍රේණිය උපභාණ්ඩාගාරික

උසස් විභාග ප්‍රශ්නපත්‍ර