කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ, නානුඹය දුම්රිය හරස් මාර්ගය අසලින් වමට හැරී, සැතපුමක් පමණ ගිය විට, රමණීය කඳුගැටයක් මත පිහිටි ඓතිහාසික රණවන රජමහ විහාරයට පිවිසිය හැකි ය. ස්වාභාවික කඳුකර වෘක්ෂලතාවන්ගෙන් අනූන සුන්දර වන ලැහැබක මෙම සෙනසුන පිහිටා ඇත.
ආසියාවේ උසම සක්මන් බුදු පිළිමය |
මෙම ස්ථානය මූලිකව ම ආරම්භ කර ඇත්තේ රණවන මොහොට්ටාල නැමැත්තෙකු විසින් බව, ඔහුගේ පුතා වූ රණවන වෙදරාළට, ශකවර්ෂ 1602 දී ලබා දුන් රන් සන්නසේ දැක්වෙන බව ඉතිහාසයේ සඳහන් වේ. පසුව අනුරාධපුරයට පැමිණි රණවන වෙදරාළ මෙම විස්තරය IVවන බුවනෙකබාහු රජ දවස, හෙණකඳ බිසෝබණ්ඩාර දේවියට සැලකර ඇත. එතුමිය සතුටු ව, මෙම විහාරස්ථානය නැවත සකස්කරවා නව හිමි නමකට භාරකාරත්වය පැවරූ බව කියැවේ.
සාංචි තොරණ සිහිකරවන පිවිසුම් දොරටුව |
මෑත භාගයේ දී මෙම විහාරස්ථානය වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ආසියාවේ උසම සක්මන් බුදු පිළිමය මෙම විහාරස්ථානය සතුවීම නිසා ය.
මීට අමතර ව ඉන්දියාවේ සාංචි තොරණේ උතුරු පැත්තේ අනුරුවක් ලෙස ඉදිකළ ප්‍රධාන පිවිසුම් දොරටුව ද අගනා නිර්මාණයකි. මෙහි නියම සාංචි තොරණේ සියලු කැටයම් නො අඩුව පැවතීම විශේෂත්වයකි.
දීපංකර බුදු හිමි පුලිල බෝධි මුල |
කටාරම් කෙටූ ගල් ලෙන තුළ ඇති චෛත්‍යය හා පසකින් පෙනෙන බෝධිය |
එමෙන් ම, සිංහල බෝධි වංශයේ හා සූත්‍ර පිටකයේ අඩංගු කරුණු නො ඉක්මවමින් ඉදිකළ අටවිසි බෝධි පාමුල අටවිසි බුදු පිළිමවහන්සෙලා ද ඉතා වටිනා නිර්මාණයකි. රණවන විහාරයේ සුවිශේෂත්වය වූ ලංකාවේ එකම සක්මන් බුදු පිළිමය ප්‍රමුඛව ඉදිකර ඇති අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ප්‍රතිමාද සුවිශේෂ වන්නේ, ඒවා ශාසන ඉතිහාසය ප්‍රවේශමින් අධ්‍යයනයකර ඉතා නිවැරදි රූප ලක්ෂණ සහිත ව ඉදිකර තිබීමයි. තව ද බුදු සිරිතේ විවිධ
නිවැරදිව අඹා ඇති මුගලන් හා මහා කාශ්‍යප මහතෙරවරු |
අවස්ථා වන සෙනසුන තුළ මුර්ති ලෙස ඉඳිකර තිබීම ද කාගේත් සිත්
පිනවන දසුන් මවයි. මේ මූර්ති අතර
දළදාව මෙරටට වැඩමවීම, වෙස්සන්තර රජු දරුවන් දන් දීම, පාරිලෙය්‍ය ඇතුගෙන් උවටැන් ලබන බුදු හිමි කැපී පෙනේ.
රණවන විහාරයේ වත්මන් විහාරාධිපති වන්නේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික අම්පිටියේ ශ්‍රී සරණංකර චන්ද්‍රජෝති නා හිමිපාණෝ ය.
(ටැම්පිටියේ ඉන්දවිමල හිමි හා වතුකුඹුරේ ඤාණවිමල හිමිගේ ඓතිහාසික රණවන පුරාණ රජමහ විහාරය නම් කෘතිය ඇසුරින් ලියූයේ යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න විසිනි. මුල් කර්තෘන්ට අපගේ නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව හිමි වේ.)
(ටැම්පිටියේ ඉන්දවිමල හිමි හා වතුකුඹුරේ ඤාණවිමල හිමිගේ ඓතිහාසික රණවන පුරාණ රජමහ විහාරය නම් කෘතිය ඇසුරින් ලියූයේ යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න විසිනි. මුල් කර්තෘන්ට අපගේ නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව හිමි වේ.)
No comments:
Post a Comment