MyL3TopMenu

Top-munu-2

Top Navigation Example

Some content..

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Showing posts with label Administration. Show all posts
Showing posts with label Administration. Show all posts

Friday, March 31, 2017

ගරු වැඩබලන නිසි බලධාරීතුමා Hon. Acting Overall Comander

ශ්‍රීපාල් මයා අප දහම් පාසලේ වැඩ බලන නිසි බලධාරී ධූරය දරන ආචාර්යවරයා වේ. Mr. Nalinda Sripal is the Acting Overall Commander
අප දහම් පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන එතුමා "නවෝදය" ශිෂ්‍ය සංගමය භාර ආචාර්යවරයා ලෙස අපගේ ඉදිරිපත්වීමේ හැකියාව, කථිකත්වය වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් සංවිධානය කරයි. He was a brilliant student of our Dhamma School and as the Teacher in charge  "Nawodaya Students' Union, he organize various activities to our performancers and spoken skills.
දහම් පාසලේ ගායනා හා නාට්‍ය අවස්ථාවන්හි දී  පෙරමුණ ගෙන ක්‍රියා කරන එතුමා ශාසන ඉතිහාසය විෂයභාර ආචාර්යවරයා ද වේ. He plays key roles in music and drama practicing and also he is the teacher in charge in History of the Sasana.


Thursday, March 30, 2017

ගරු නිසි බලධාරීතුමා Hon. Overall Commander

අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ නිසි බලධාරී ලෙස කටයුතු කරන්නේ යූ.ඒ. නදීක රම්‍යසිරි විජේරත්න මහතා ය. Mr. U.A. Nadeeke Ramyasiri Wijerathna is the Overall Commander of Aswana Sri Dharmarathnodaya Dhamma School.
එතුමා එම ධූරයට පත්වන්නේ 2009 නවම් මස 01වන දා ය. He assume duties on 01st February 2009.

අප දහම් පාසල් පරිපාලනයේ සිව්වැන්නා වන මෙතුමා, පරිපාලන, අධ්‍යයන හා අනධ්‍යයන කටයුතුවල  ක්‍රියාකාරී බලධරයා  වේ. He is the 4th of our Dhamma Schools' administration and Active Commander of administration, academic and non academic affairs.
අප දහම් පාසලේ සියලු ම කටයුතු වෙන වෙන ම අංශ වලට බෙදා, ඒ ඒ අංශ සහකාර නිසි බලධරයකු යටතේ මෙහෙයවීම  මෙතුමාගේ මූලික වගකීම වේ. The fundamental responsibility of "his" is dividing all activities of our Dhamma School into separate sections and manage these sections under an Assistant Overall Commander.
මේ අනුව සහකාර නිසි බලධාරීවරු පස්දෙනෙක් (ස.නි.බ. "නවෝදය" ශිෂ්‍ය සංගමය, ස.නි.බ. පරිපාලන, ස.නි.බ. ජ්‍යෙෂ්ඨ විභාග, ස.නි.බ. විභාග, ස.නි.බ. පුස්තකාල සේවා) දහම් පාසලේ  කටයුතු කරගෙන යති. According to this 05 Assistant Overall Commanders (AOCs), (AOC - "Nawodaya" Students'  Union, AOC - Administration, AOC -  Higher Examinations, AOC -  Examinations, AOC -  Library Servisers) performing duties in the Dhamma School.

අප දහම් පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන නදීක රම්‍යසිරි විජේරත්න මහතා, අප දහම් පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආවාර්යවරයා මෙන් ම, බෞද්ධ සංස්කෘතිය විෂයභාර ආචාර්යවරයා ද  වේ. Mr. Nadeeke Ramyasiri Wijerathna was a brilliant student of our Dhamma School and not only teacher in charge board of Prefects but also Buddhist Culture too.

වසර 1999 දී සහාය ගුරුවරයකු ලෙස දහම් ගුරු සේවයට එක්වන එතුමා, වසර 2002 සිට මේ දක්වා ම පුරා වසර 21කට අධික කාලයක් නිත්‍ය ගුරුවරයෙකු ලෙස අප දහම් පාසලේ සේවය කරයි. He joined the Dhamma School service as an Assistant Teacher and became a Permanent Academic in 2002, teaching more than 21 years since now.

එතුමා විද්‍යාවේදී රසායන විද්‍යා උපාධිධාරියකු හා පුස්තකාල හා විඥාපන විද්‍යා ශාස්ත්‍රපති උපාධිධාරියකු ද වන අතර බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරියකු ද වේ. He is not only a Chemistry graduate but also a holder of  a Masters in Library & Information Science and  a Diploma in Buddhism.

සිය දස වසරක දහම් පාසල් රාජකාරි දිවියේ රසමුසු තැන් අරඹයා ගරු නිසි බලධාරි්තුමා සමඟ පැවැත්වූ සාකච්ඡා සටහනට (දස වසරක සේයා) පිවිසෙන්න. මෙතැනින්...


ගරු වැඩ බලන ප්‍රධානාචාර්යතුමා Hon. Acting Headmaster

අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ වැඩ බලන ප්‍රධානාචාර්යතුමා ලෙස කටයුතු කරන්නේ එම්. ඩබ්. ඒ. හේමකුමාර විජේසූරිය මහතා ය.  Mr. M.W.A. Hemakumara Wijesuriya is the Acting Headmaster of Aswana Sri Dharmarathnodaya Dhamma School.

එතුමා දහම් ගුරු සේවයට එක්වන්නේ 1979 වෙසක් මස 27වන දා ය. He entered to the Dhamma School service on 27th May 1979.

වසර 2005 දී, අප දහම් පාසල හා සම්බන්ධවන එතුමා, වසර 2007 දී උපප්‍රධානාචාර්ය ධූරයට පත් විය. He joined our Dhamma School in 2005, and became the Vice-Headmaster in 2007.

දක්ෂතාවය හා නැපවීම නිසා ම වසර 2012 වෙසක් (මැයි) මස 13වැනි දින එතුමා අප දහම් පාසලේ ප්‍රථම වැඩ බලන ප්‍රධානාචාර්යවරයා (වැඩ බලන විදුහල්පති) ලෙස පත්කෙරේ. Because of his cleverness and dedication, he was elected as the first Acting Headmaster (Acting Principal) of our Dhamma School on 13th May 2012.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදර්ශමත් දහම් පාසල් ගුරුවරයෙකු වන එතුමා ප්‍රදේශයේ කීර්තිමත් සමාජ ක්‍රියාකාරිකයෙකු  මෙන් ම ග්‍රාම නිළධාරීවරයකු ද වේ. He is a perfect Dhamma School teacher and not only a well known social worker and but also a Grama Niladhari too.

උඩුගම්පොල උත්තරාරාම පුරාණ රාජමහා විහාරස්ථ දහම් පාසාලේත්, ගොයිගමිගොඩැල්ල ශ්‍රී නාගාරාම දහම් පාසාලේත් දීර්ඝ කාලයක් සේවයකර ඇති එතුමා දක්ෂ අභිධර්ම ආචාර්යවරයකු ද වේ. He did a longer service in Uththararama Purana Rajamaha Viharaya at Udugampola and Sri Nagarama Dhamma School at Goygamgodella, is a clever teacher in Abhidhamma.

ගරු ප්‍රධානාචාර්ය නාහිමිපාණෝ Hon. Headmaster Thero (Principal)

වර්තමානයේ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය පිරිවෙන් විහාරාධිකාරී අතිපූජනීය ඇහැටුවාගම ආනන්ද නාහිමිපාණෝ අප දහම් පාසලේ  ප්‍රධානාචාර්ය ධූරය හොඔවති. The Most Ven. Ahetuwagama Annanda Nayaka Thero, who is the Wiharadhikari of Sri Dharmarathnodaya Pirivena, holds the Headmaster (Principal) post of our Dhamma School.


කලින් වටිනාපහ ශ්‍රී ගනේගොඩාරාමාධිකාරිි ව වැඩවිසූ උන්වහන්සේ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය පිරිවෙනේ විහාරාධිකාරී ධූරයට පත් වන්නේ 2012 මැදින් (මාර්තු) මස 02වන දා ය. Ven. Ananda Thero, previously act as the Wiharadhikari of Sri Ganegodaramaya at Watinapaha and assumed duties as the Headmaster (Principal) of Aswana Sri Dharmarathnodaya pirivena, with effects of 02nd March 2012.
කිසි දා කෝප නොවන කුළුණුබර හදවතින් යුතු උන්වහන්සේ  අපේ දහම් පාසල් දරුවන්ට පියකු බඳු ය. Ven. Thero is kind hearted, never being angry and act as a father to our students.

උසස් විභාග ප්‍රශ්නපත්‍ර