News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Tuesday, February 13, 2024

2024 අභිනව ශිෂ්‍ය නායක - නායිකාවෝ දිවුරුම් දෙති.

සභාව අමතන හිටපු ප්‍රධාන ශිෂ්‍ය
නායිකාව සිත්මි මින්සරා දියණිය
ගරු නා හිමියෝ ජාතින ධජය ඔසවමින්
ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක දිනය, 2024 නවම් මස 04 වන ඉරු දින, ඉතා චාම් එහෙත් අභිමාවත් ලෙස පසුගිය දා පවත්වන්නට යෙදිණි. ලංකා මාතාව සිය 76වන ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා  කිරීමෙන් පසුව උත්සවයේ කටයුතු ඇරඹුණේ ජාතික වීරයන් හා රණ විරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිහඬතාවයක් ද, ආරක්ෂා කිරීමෙන් අනතුරුව ය. මෙම උත්සවය දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය ඇහැටුවාගම ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර,
උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා වූයේ විහාරස්ථ දායක සභාවේ සංවිධායක, ගරු විමල් රාජපක්ෂ මැතිතුමා ය. 
පොල්තෙල් පහන දල්වන 
ගරු. වැ.බ. ප්‍රධානාචාර්යතුමා
අයදුම්කරුවන් අතරින්, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත තෝරා ගත් මෙවර ශිෂ්‍ය නායක මණ්ඩලය 09දෙනෙකුගෙන් සමන්විත විය. මෙවර ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර මෙන් ම, උපප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරු දෙක ම සුදුස්සන් නොමැතිකම නිසා පුරප්පාඩු ලෙස පැවතීම විශේෂත්වයක් විය. 
ප්‍රධාන දේශනය : විමල්
රාජපක්ෂ මැතිතුමා
මෙවර ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඩී.එම්. මිනූෂා ප්‍රමෝදනී ගුණවර්ධන දියණිය තේරී පත්වූවා ය. 
උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ විමල් රාජපක්ෂ මැතිතුමා විසිනි. නායකත්වයේ ගුණාංග පිළිබඳව වටිනා අදහස් රැසක් මේ අභිනව ශිෂ්‍ය නායක - නායිකාවන්ට ඉදිරිපත් කළ එතුමා, 1. නායකයකු සමාජය තුළ සිය සන්නාමය (Brand) ගොඩනඟා ගතයුතු අයුරු 2. තම ඇඳුම හා පැළඳුම්වල අවස්ථානෝචිත බව පිළිබඳ ව සැලකිලිමත් විය යුතු අයුරු. 3. තමා කරන ප්‍රකාශ, තම මතවාද හා හැසිරීම් පිළිබඳ ව තම වගකීම හා වගවිය හැකි බව 4. තම ඉදිරිපත් කිරීම පිළිබඳ ව තිබිය යුතු දැනුම හා පුහුණුව 5. අව්‍යාජබව යන නායකත්ව ගුණාංග වල වැදගත්කම පැහැදිලි කරන ලදී. එමෙන් ම, දරුවන් වයසට අනුරූප ව තම ජීවිතයේ වගකීම, දෙමාපියන් මත
ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස වැඩ භාර ගනිමින්

නො පටවා තමන් ම ඉසිලිය යුතු බව ද, එනයින් දෙමාපියන් නිදහස් මිනිසුන් බවට පත්කිරීම සෑම දරුවකුගේ ම ඒකායන වගකීම බව ද එතුමා සඳහන් කළේ ය.
තම මාපියන් වෙතින් සාටකය ලබන
උපප්‍රධාන ශිෂ්‍ය නායිකාව
චමෝදි චතුරිකා දියණිය
ගරු ආචාර්ය මණ්ඩලය ගත් තීරණයකට අනුව, ශිෂ්‍ය නායත නිල ලාංඡනය වෙනුවට නිල සාටකයක් පැළඳවීම මෙවර උළෙලේ කැපී පෙනෙන සිදුවීමක් විය. තම දෙමාපියන් අතින් සාටක පැළැඳි අභිනව සිසු නායකයෝ ඇදුරු මඩුල්ල අතින් පත්වීම් ලිපි ලද හ. 
අනතුරු ව, පත්වීම්ලාභී සිසු නායක - නායිකාවෝ ගුරු - සිසු, මා-පිය, වැඩිහිටියන් ඉදිරියේ දිවුරුම් දෙන ලද්දේ, ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමන්ගේ මෙහෙයවීමෙනි. 
ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමා වෙතින් දිවුරුම කියවමින්
එමෙන්ම, දහම් පාසල් පරිපාලනය තවදුරටත් විමධ්‍යගත කරමින් සහකාර නිසි බලධාරීවරු තිදෙනෙකුට මෙවර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමක් ද මීට සමගාමී ව සිදුවිය. මේ යටතේ සහකාර නිසි බලධාරී (විභාග) ලෙස ගරු වොෂිතා අල්ගම ආචාර්යතුමිය ද, 
සහකාර නිසි බලධාරී (“නවෝදය“ ශිෂ්‍ය සංගමය) ලෙස ගරු ලතීකා චන්ද්‍රකාන්ති ආචාර්යතුමිය ද, සහකාර නිසි බලධාරී (පුස්තකාල සේවා) ලෙස ගරු හසිනි තාරුකී ආචාර්යතුමිය ද, අභිනව පත්වීම්ලාභීන් අතර වූහ.
ජාතික නිදහස් දිනය ද මෙවර උත්සවයයේ එක් තේමාවක් වූ බැවින්, ජාතිකාභිමාණී පදවැල් වලින් උළෙල විචිත්‍රවත් විය.
අවසානයේ අභිනව ශිෂ්‍ය නායක නායිකාවෝ ඇදුරු මඩුල්ල සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
2024 ශිෂ්‍ය නායක - නායිකාවෝ ඇදුරු මඩුල්ල
සමඟ (2023 ප්‍රධාන ශිෂ්‍ය නායක පිණිදු පියුෂාන්
පුතණුවන් මෙන් ම,හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාව
සිත්මි මින්සරා දියණිය ද මෙහි වෙති) 

 
දහම් පාසලේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ හා 2023 වර්ෂයේ සිසු නායක මණ්ඩලයේ දුවා දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ අසීමිත උත්සාහය හා කැපවීම මත මේ උළෙල මෙතරම් සාර්ථක ව හා අභිමානවත් ලෙස පැවැත්වීමට හැකි වූ බව සටහන් තබන අතර ම, අවසාව වශයෙන් අභිනව පත්වීම්ලාභී ගුරු සිසු සැමට අපේ දහම් පාසල දියුණුවෙන් දි්‍යුණුවට පත්කරන්නට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි ! ආශිංසනය කරමි.
ස්තූති කථාව පවත්වන
අභිනව ප්‍රධාන  ශිෂ්‍ය නායිකාව










   ශිෂ්‍ය නායක මණ්ඩලය 2024 නාම ලේඛනය සඳහා පිවිසෙන්න.



යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
නිසි බලධාරී හා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය
අස්වාන දහම් පාසල
2024-02-05
















No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර