News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Wednesday, April 17, 2019

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2018

අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය දා (2019 බක් 07 ) අතිඋත්කර්ෂවත්  ලෙස පවත්වන්නට යෙදුණි. මේ ඒම උත්සවයේ මසිත රැදුණු තැන් කීපයක අසිරිය යි.
පොල්තෙල් පහන දල්වන
 වැ.බ. ප්‍රධානාචාර්යතුමා
සභාව අමතන බෞද්ධ කටයුතු
සමායෝජකතුමිය
දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය ඇහැටුවාගම ආනන්ද නාහිමියන්ගේ උපදෙස් පරිදි දහම් පාසල් සංවර්ධන සමිතියේ නොමඳ සහයෝගයෙන් ආචාර්ය මණ්ඩලය, සිසු සහභාගිත්වයෙන් මෙම උත්සවය කදිමට සංවිධානය කර තිබුණි. එහි දී සාමාන්‍ය හා විශේෂ ත්‍යාග 362ක්  ප්‍රදානය කෙරුණු අතර සිසු දරු දැරියන් රැසක් උත්සවයට සහභාගී වී සිටියහ.
සිය දිවියේ වසර 40ක්ම දහම් ගුරු සේවයේ නිරත වෙමින් සිටින හේමකුමාර විජේසූරිය ගුරු පියාණන්ට හා එස්. සුමනලතා රාජපක්ෂ ගුරු මෑණියන්ට විශේෂ උපහාර දැක්වීම මෙම උළෙලේ විශේෂ සිදුවීමකි.  තම ත්‍යාග ප්‍රදාන උළෙලේ දී ත්‍යාග හයක්(06) ලැබූ දරුවන් දෙදෙනෙකු සිටීම එම උළෙලේ දුටු සුවිශේෂත්වයකි. බී.ඒ. නදීෂ මෙත්මධු හා තිසෙනි මෙතාරා කුමාරපේලි එම දරු දෙදෙනා ය.
40වසරක ගුරු සේවයට උපහාර ලබා
සභාව අමතන ප්‍රධාන ශිෂ්‍ය නායිකා දියණිය
ආරාධිත දෙසුම් අතර, බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය තෙප්පනාවේ සුනීත හිමිපාණන් වහන්සේගේ අනුශාසනාව ද, අපේ සංවර්ධන සමිතියේ හිටපු ලේකම්තුමකු වන
විමල් රාජපක්ෂ මහත්මාගේ කථාව මෙන් ම ප්‍රධාන ශිෂ්‍ය නායිකා කසුනි නවෝධ්‍යා
සභාව අමතන මොරිස් කුමාරපේලි මහතා
නර්තනයේ උද්වේගත ම අවස්තාවක්
දියණියගේ කථාව ද හරවත් ඒවා විය. මෙම උළෙල මෙසේ සාර්ථක කර ගැනීමට හැකි වූයේ දහම් පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකම් මොරිස් කුමාරපේලි මහත්මා ඇතුළු දෙමාපියන් අප වෙත දැක්වූ  නොමඳ සහයෝගයත්, සමස්ත ආචාර්ය මණ්ඩලය, 




ශිෂ්‍ය නායක මණ්ඩලයේ දූ පුතුන් ඇතුළු

සභාව අමතන විමල්
රාජපක්ෂ මහතා
සිසු දරු දැරියන්ගේ කැපවීම හා උනන්දුව තුළිනි.
අස්වාන දහම් පාසල
2019-04-18

උසස් විභාග ප්‍රශ්නපත්‍ර