News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

ගරු ප්‍රධානාචාර්ය නාහිමි The Headmaster / Principal

විනයාචාර්ය ; අතිපූජ්‍ය ඇහැටුවාගම
ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ 

වර්තමානයේ, 
අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය පිරිවෙන් විහාරාධිපති අතිපූජනීය ඇහැටුවාගම ආනන්ද නාහිමිපාණෝ අප දහම් පාසලේ  ප්‍රධානාචාර්ය ධූරය හොඔවති. The Most Ven. Ahetuwagama Annanda Nayaka Thero, who is the The Chief Incambant of Sri Dharmarathnodaya Pirivena, who holds the Headmaster (Principal) post of our Dhamma School.

කලින් වටිනාපහ ශ්‍රී ගනේගොඩාරාමාධිකාරිි ව වැඩවිසූ උන්වහන්සේ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය පිරිවෙනේ විහාරාධිකාරී ධූරයට පත් වන්නේ 2012 මැදින් (මාර්තු) මස 02වන දා ය. Ven. Ananda Thero, previously act as the Wiharadhikari of Sri Ganegodaramaya at Watinapaha and assumed duties as the Headmaster (Principal) of Aswana Sri Dharmarathnodaya pirivena, with effects of 02nd March 2012.
රජරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇහැටුවාගම නම් සුන්දර ගම් පියසේ ජන්මලාභය ලැබූ අප නාහිමියෝ අස්වාන පිරිවෙනේ කීර්තිමත්ම සංඝ නේතෘෘන් වහන්සේලා වන වටිනාපහ ශ්‍රී පියරතනාභිධාන හා වටිනාපහ ශ්‍රී ඤාණාලෝකාභිධාන මහ තෙරවරුන්ගේ ශිෂ්‍ය රත්නයක් වන සේක. 
මුළු ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව ම කටපාඩමින් කීමට සමත්කම් දක්වන උන්වහන්සේ අප ප්‍රදේශයේ එම සමත්කම දක්වන එකම මහ තෙරනම ද වන සේක. එමෙන් ම උන්වහන්සේ අස්වාන සඟ පරපුරේ දැනට සුජීවත් ව වැඩ වසන ජ්‍යෙෂ්ඨතම සංඝපීතෘවරයයානන් ද වන සේක.
කිසි දා කෝප නොවන කුළුණුබර හදවතින් යුතු උන්වහන්සේ  අපේ දහම් පාසල් දරුවන්ට පියකු බඳු ය. Ven. Thero is kind hearted, never being angry and act as a father to our students. රජරට ජනතාව තුළ විරන්තරයෙන් විද්‍යාමාන වන අව්‍යාජ, නිරංහංකාර බවින් උන්වහන්සේ ශෝභමාන ව වැඩවසන සේක.

උසස් විභාග ප්‍රශ්නපත්‍ර