News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Monday, January 13, 2020

සහකාර නිසි බලධාරී / පරිපාලන පදවි ලබයි ......

ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රි ධර්මරත්නෝදය දහම් පාසල, සිය නිල ධූරාවලියට නව මානයක් ඒක් කරමින් සිය නිසි බලධාරී ධුරය යටතේ ‌මෙතෙක් ක්‍රියාත්මක වූ ආයතන පරිපාලන බලතල රැසක් ඒක් කරමින් සහකාර නිසි බලධාරී / පරිපාලන ‌‌ලෙස නව ධූරයක් ඇතිකර තිබේ. 2019 ‌‌දෙසැම්බර් මස 02වන දා රැස් වූ  දහම් පාසල් ‌ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සභාවට ගරු නිිිිසි බලධාරීී විිසිිින් ම ඉදිරිපත් කළ ‌‌‌මෙම ‌‌යෝජනාවට ගරු ආචාර්ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිි‌බේ.
හිමාලි ප්‍රියදර්ශනී
ආචාර්යතුමිය

ඉතිහාසයේ ප්‍රථම වරට ‌මෙම ධූරයට ‌තෝරාගෙන ඇත්‌‌තේ ඩබ්. ඩී. හිමාලි ප්‍රියදර්ශනී ආචාර්යතුමිය ‌‌වේ. අස්වාන දහම් පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයාවක වන ඇය දහම් ගුරු ‌සේවයට ඒක් වන්නේ 2013 සැප්තැම්බර් මස 01වන දා ය.
ඒතැන් සිට ම විධිමත් දහම් පාසල් පරිපාලනයක් ‌වෙනුවෙන් ඈ සිය බුද්ධිමය දායකත්වය ‌නොමසුරුව සිය දහම් පාසලට ලබා දුන්නා ය. ලිපි ‌‌‌ලේඛන සැකසීමේ දී ඈ සතු නිසඟ හැකියාව අදටත් අවිවාදිත ය.

ඇගේ විශිෂ්ට ‌සේවය අගයමින් වසර 2015 අගෝස්තු 09වන දා ඈ සහකාර නිසි බලධාරී / ජ්‍යෙෂ්ඨ විභාග ‌ලෙස පත්කරණු ලැබී ය. 2019 ‌නොවැම්බර් 30වන දා දක්වා ම ඒම ධූරයේ කටයුතු කළ ඇය, ජ්‍යෙෂ්ඨ විභාග අංශය ‌වෙනුවෙන් විශාල ‌‌මෙහෙවරක් ඉටු කළා ය. විභාග අංශයේ කටයුතු කරන අතර ම විධිමත් ආයතන පරිපාලන ක්‍රමවේද සකස් කිරීම ‌වෙනුවෙන් ඈ දැක්වූ අවංක උනන්දුවට ‌මේ නව ධූරය ආශිර්වාදයක් වනු ඇති බව මගේ විශ්වාසය යි. 2020 ජනවාරි මස 12වනදා ඒතුමිය ‌මේ නව තනතුරේ වැඩ භාර ගත්තා ය.
හිමාලි ප්‍රියදර්ශනී ආචාර්යතුමිය දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගයේ විෂයන් හතරට ම විශිෂ්ට සාමාර්ත ලැබූවකු වන අතර ම, දහම් ගුරු විභාගය ‌මෙන් ම බුද්ධ ධර්ම ඩිප්ලෝමා විභාගය ද සමත් වූවක ‌වෙයි. අභිනව සහකාර නිසි බලධාරී / පරිපාලන ධුරයෙන් පිදුම් ලැබූ හිමාලි ප්‍රියදර්ශනී ආචාර්යතුමියට ඉත සිතින් සුබ පතමි.


යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
අස්වාන දහම් පාසල
2020.01.13

උසස් විභාග ප්‍රශ්නපත්‍ර