MyL3TopMenu

Top-munu-2

Top Navigation Example

Some content..

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Showing posts with label Academics. Show all posts
Showing posts with label Academics. Show all posts

Saturday, July 9, 2022

අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙන් පිදුම් ලැබූ අපේ නන්දවිමල පොඩි හාමුදුරුවෝ

 
පෙරහැරින් වඩිමින්

ගම්පහ, මිනුවන්ගොඩ, අංක 10/5, වැල්හේන, මිනුවන්ගොඩ, ලිපිනයේ පදිංවිව සිටි ආර්.ඩී. නවංජන ලක්ශ්‍රී කුමාර රණතුංග පින්වත් කුළ කුමරු මෙළොව එළිය දුටුවේ, ආර්.ඩී. නීල් කුමාර රණතුංග හා පුෂ්පාංජලී රත්නායක දම්පතීන්ට දාව, 2001 නවම් මස 20වන දා ය.

අප ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ නවංජන පුතණුවෝ කුඩා කළ සිට ම, බණට - දහමට, සාසනික චර්යාවට ලැඳි, පින්වත් දරුවකු වුහ. අධ්‍යාපනය ලබන අවධියේ සිට ම අසාධාරණයට එරෙහිව සිය හඬ අවධි කළ මෙපුතණවෝ තුළ, නැගී එන සමාජ නායකත්ව ලක්ෂණ විදහාපෑවේ පාසැල් කාලයේ සිටම ය.

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ද උසස් ලෙස සමත් වූ, නවංජන පුතණුවෝ, වර්ෂ 2018 දුරුතු මස 21වන දා සිට අප දහම් ගුරුවරයෙකු ලෙස ද නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කලේ ය.
 
ඔහු සිය භද්‍ර යෞවන වයසේ දී ම, ජීවිතයේ නිස්සාරබව දැක, උතුම් වූ ප්‍රවෘජා භූමියට පත් වූයේ, වර්ෂ 2021 මැයි මස 26වන දා (උතුම් වූ වෙසක් පොහෝ දින), නිල්පනාගොඩ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේ දී ය. ඒ විහාරාධිපති අතිපූජනීය ඉදිමින්නේ උත්තමඤාණ හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් වැල්හේනේ නන්දවිමල යන නාමයෙනි.

පෙර සසරේ සිට පැවත එන කළ පුරුද්ද හා දැන පුරුද්ද නිසා ම දෝ පැවිදි වී වසරක් සම්පූර්ණ වූ විට ම, සාමනේර බණ දහම් මැනවින් හදාරා සම්පූර්ණ කළ අපේ නන්දවිමල පොඩි හාමුදුරුවෝ, වර්ෂ 2022 ජූලි මස 05වන දා, සංඝ සමාජයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගනිමින් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූ හ.

මෙම උපසම්පදා විනය කර්මය පොලොන්නරුව, මනම්පිටිය මහා වාලුකා නදී (මහවැලි ගංගාතොට) උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වණු අතර, එහි ප්‍රධානත්වය දැරුවේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකාය පාර්ශ්වයේ මහා නායක කුරුණෑගල, රිදීගම, රම්බඩගල්ල විද්‍යාසාගර පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රපති, පණ්ඩිත, එගොඩමුල්ලේ අමරමෝලි මහානායක මාහිමියන් වහන්සේ විසිනි. 
අස්වානේ සහෝදර ආචාර්ය මණ්ඩලය සමඟ


අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙන් පිදුම් ලබා අද දින නිල්පනාගොඩ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයට වැඩම කළ ධර්මාචාර්ය වැල්හේනේ නන්දවිමල අපේ හාමුදුරුවෝ නැණ. ගුණ, බලයෙන් සුපෝෂිත ව, සසුනබර එළිය කරන පුන් සඳක් මෙන් බැබලේවා යි !, 

අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය, අතිපූජනීය, විනයාචාර්ය ඇහැටුවාගම ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සහෝදර ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සුභාසිංශනය කරමි.

යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
අස්වාන දහම් පාසල
2022-07-09




Friday, October 5, 2018

අපේ ආචාර්ය මණ්ඩලය (Our Academic Staff)

ඡායාරූපය නම තනතුර තනතුරට පත් වූ දිනය භාරව සිටින ශ්‍රේණිය අධ්‍යාපන සුදුසුකම්
ඒම්.ඩබ්.ඒ.ඒච්. විජේසූරිය මයා වැඩ බලන ප්‍රධානාචාර්ය 2012-05-13 11වන ශ්‍රේණිය අභිධර්ම (පාරම්භ),
ධර්මාචාර්ය
යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න නිසි බලධාරී 2009-02-01 - විද්‍යාවේදී (රසායන විද්‍යා),
ශ්‍රාස්ත්‍රපති (පුස්තකාල හා විඥාපන විද්‍යාව)
බුද්ධ ධර්ම ඩිප්ලෝමා
ඩී.ජේ.ඩබ්. නලින්ද ශ්‍රීපාල් මයා වැඩ බලන නිසි බලධාරී 2013-03-03 08වන ශ්‍රේණිය දහම් පාසල් අවසාන විභාගය
ඩබ්. සුුුවිනීතා මිය - - - අ.පො. ස. උ/‌පෙල
කේ.ඒ. වසන්ති කුසුමලතා මිය - - 02වන ශ්‍රේණිය අ. ‌පො. ස. උ/‌ ‍පෙල.,
දහම් පාසල් ගුරු විභාගය
ඩබ්.ඩී. හිමාලිි ප්‍රිියදර්ශනී මෙනවිය සහකාර නිසි බලධාරී (පරිපාලන) 2012-10-07 09වන ශ්‍රේණිය දහම් පාසල් අවසාන විභාගය,
බුද්ධ ධර්ම ඩිප්ලෝමා
ඩබ්.ඩී. නයෝමි දර්ශා මෙනවිය - - 04වන ශ්‍රේණිය ශ්‍රාස්ත්‍රවේදී (ජපන් භාෂාව)

Friday, March 31, 2017

ගරු වැඩබලන නිසි බලධාරීතුමා Hon. Acting Overall Comander

ශ්‍රීපාල් මයා අප දහම් පාසලේ වැඩ බලන නිසි බලධාරී ධූරය දරන ආචාර්යවරයා වේ. Mr. Nalinda Sripal is the Acting Overall Commander
අප දහම් පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන එතුමා "නවෝදය" ශිෂ්‍ය සංගමය භාර ආචාර්යවරයා ලෙස අපගේ ඉදිරිපත්වීමේ හැකියාව, කථිකත්වය වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් සංවිධානය කරයි. He was a brilliant student of our Dhamma School and as the Teacher in charge  "Nawodaya Students' Union, he organize various activities to our performancers and spoken skills.
දහම් පාසලේ ගායනා හා නාට්‍ය අවස්ථාවන්හි දී  පෙරමුණ ගෙන ක්‍රියා කරන එතුමා ශාසන ඉතිහාසය විෂයභාර ආචාර්යවරයා ද වේ. He plays key roles in music and drama practicing and also he is the teacher in charge in History of the Sasana.


උසස් විභාග ප්‍රශ්නපත්‍ර