MyL3TopMenu

Top-munu-2

Top Navigation Example

Some content..

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Tuesday, July 8, 2025

අස්වාන දහම් පාසල ස්වර්ණාභිමානයේ සිංහාවලෝකනයෙන් ඒකාලෝක වෙයි

වටිනාපහ ශ්‍රී
ඤාණාලෝකාභිධාන නාහිමි
වටිනාපහ ශ්‍රී පියරතනාභිධාන
නාහිමි
ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල සිය 50වන සංවත්සරය පසුගිය දා අතිඋතකර්ෂවත් ලෙස අභිමානයෙන් සමරනු ලැබිණි. මේ සමරු සටහන “ස්වර්ණාභිමානී 2024 උළෙල හා වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය වෙනුවෙනි. 
ස්වර්ණාභිමානී 2024

වර්ෂ 1974 මැයි මස 12වන දා ආරම්භ කළ බවට ලිඛිත ශාක්ෂි සහිත අස්වාන දහම් පාසල වර්ෂ 2024 මැයි මස 12වන දින සිය 50වන ජන්මදිනය සැමරීම අරබයා “ස්වර්ණාභිමානි - 2024“ මැයෙන් සමරු කළාපයක් ද එළිදක්වණු ලැබිණි. බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක ධූරන්දර ව වැඩවිසූ ධර්මකීර්ති ශ්‍රී වාගීශ්වර වින්‍යාචාර්ය වටිනාපහ ශ්‍රී පියරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් නැවත ඇරඹි අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල, මූලිකව ආරම්භ වී ඇත්තේ ශාසනෝදය දහම් පාසල නමින් ය. ඒ වර්ෂ 1958 වර්ෂයේ දී මාතම්මන ජයවරධනාරාමයේ දී ය. එම දහම් පාසල ධර්මරත්නෝදය පිරිවෙනට ගෙන ඒමට මූලික වී ඇත්තේ කඹුරුපිටියේ වජිරා හා හල්ලව විජිතා යන සිල් මෑණිවරු දෙපළ විසිනි. 

කඹුරුපිටියේ වජිරාසිල්මෑණියන්
වහන්සේ (ලොකු මෑණියෝ) 
එම ආදිකර්තෘවරුන්ට ශිර්ෂප්‍රණාමය දක්වමින් මෙම සමරු කළාපය එළිදැක්විණි. එය එම්.ඩබ්ලිව්.ඒ. හේමකුමාර විජේසූරිය, යූ.ඒ. නදීක තනුජය හා චමත්ක තේජාන් ලියනආරච්චි යන ආචාර්යවරුන් විසින් මේ සමරු කළාපය සංස්කරණය කලහ.

ස්වර්ණාභිමාණී සමරු කළාපය
විශිෂ්ටතම ශිෂ්‍යයාව, හොඳම පැමිණීම, විශේෂ අවස්ථා සඳහා පැමිණීම, උදෑසන රැස්වීමේ සිසු ඉදිරිපත් කිරීම්, හොඳම මල්ගෙන ඒම, ඒ ඒ ශ්‍රේණිවල කැපීපෙනෙන ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාව වැනි අවස්ථා ජයග්‍රහණය කළ සිසු - සිසුවියන් සාමාන්‍ය සිසු ත්‍යාගයට අමතර ව ස්වර්ණාලේපිත කුසලාන පිළිගන්වා ඇගයීම මෙවර උළෙලේ විශේෂත්වයක් විය.

ලේකම් හිමියන්ට සමරු කළාපය පිළිගන්වමින්
එමෙන් ම ගෙවී ගිය අඩසියවසක කාලය තුළ නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කළ ගුරු හිමිවරු, සිල් මෑණිවරු, ගුරු මව්පියවරුන්ට ස්වර්ණාභිමාන  සම්මාන ප්‍රදානය ද කාගේත් පැසසුමට ලක්විය. දහම් පාසලේ වසර 23ක් උපප්‍රධානාචාර්ය ධූරයේ කටයුතු කළ පෙරිය උලුක්කුලමේ පේමරතන හිමි, කලවානේ අනුරුද්ධ හිමි, හල්ලව වජිර කාන්ති සිල්මාතාව, ශාන්තවතී සුමනලතා ගුරු මෑණියෝ ප්‍රධාන ආදි ගුරුවරු රැසක් මෙහිදී උපහාරයෙන් පිදුම් ලැබූ හ.
සාඩම්බර පූජා නැටුමකින් හා විවිධ නර්තන හා ගායන අංගයන්ගෙන් සපිරුණු මේ උළෙල ප්‍රාථමික අංශයේ දරුවන්ගේ පෙරහැර නර්තනයකින් ද විචිත්‍රවත් විය.

සම්මානයෙන් පිදුම් ලැබූ ආදි ගුරුවරු
 2023 හා 2024 ශිෂ්‍ය නායක දූ පුතුන් ඇගයීම ද උළෙලේ වැදගත් අංගයක් විය. 2024 වසරේ විශිෂ්ටතම  ශිෂ්‍යයාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඩී.එම්. මිනුෂා ප්‍රමෝදනී ගුණවර්ධන ශිෂ්‍යයාවයි.  මීට අමතරව 2023 හා 2024 ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා දෙපළ වූ කේ.ඒ. පිණිදු පියුෂාන් විජයතිලක හා ඩී.ඩී. සිත්මි මින්සරා දෙව්පුර යන දූ පුතුන් මෙහිදී  ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබූහ. 
සම්මානලාභී 2023 ප්‍රධාන
ශිෂ්‍ය නායක නායිකා දෙපළ
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ (කලාප අංක 01) ලේඛකාධිකාරී පූජ්‍ය හැවනතැන්නේගම සීලරතන හිමිපාණෝ ඇතුලු ආරාධිතයන් රැසක් දෙසුම් පැවැත්වූහ. 
ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් නිකුත්කළ සමරු කලාපය පනස් වසරක දහම් පාසලේ ගමන් මග විස්තර වන අතර ම අටවන වීර පරාක්‍රමබාහු රජ දවස උඩුගම්පොල රාජධානියේ ප්‍රාදේශීය පාලකයා වූ සකලකලා වල්ලභ රජතුමා හෙවත් “අස්වානේ දෙවියෝ“ පිළිබඳ හරවත් මෙන් ම රසවත්  ලිපි රැසකින් ද වර්ණවත් විය.
හල්ලව විජිතා සිල් මෑණියන්
වහන්සේ (පොඩි මෑණියෝ)
ස්වර්ණාභිමානය සමරමින් ආදිකර්තෘත් වහන්සේලාගේ දුර්ලභ ඡායාරෑප රැසක් ප්‍රක්ශේපනය කර දැක්වීම කාගේත් විශේෂ පැසසුමට ලක්විය. 
2024 විශිෂ්ටතම ශිෂය්‍යාව ඩී.එම්.මිනුෂා ප්‍රමෝදනී
ප්‍රාදේශීය ලේකම්තුමිය අතින් කුසලානය ලබමින්
අස්වාන දහම් පාසලේ වසර විස්සකට වඩා ගරු සේවයක් සම්පූර්ණ කළ ගුරුභවතුන්ට සම්මාන පිදීම කාගේත් අවධානය දිනාගත් අවස්ථාවක් විය. මේ යටතේ පූජ්‍ය කලවානේ අනුරුද්ධ හිමි (වසර 20), හල්ලව වජිර කාන්ති සිල්මාතාව (වසර 10), ශාන්තවතී සුමනලතා ගුරු මෑණියෝ (වසර 25), හේමකුමාර විජේසූරිය ගුරු පියාණෝ (වසර 47), නදීක තනුජය (වසර 23), ඩබ්..ඒ. සුවිනීතා ගුරු මෑණියෝ (වසර 20), නලින්ද ශ්‍රීපාල් ගුරු පියාණෝ (වසර 18), රුවනි සංජීවනී සමරසිංහ ගුරු මෑණියෝ (වසර 12) මෙසේ සම්මාන ලැබූ අය අතර වූහ. 
දැනට සුජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම
ආචාර්යතුමිය ශාන්තවතී සුමනලතා ගුරු මෑණියෝ 
ප්‍රාදේශීය ලේකම්තුමිය අතින් උපහාර ලබමින්
මෙම ස්වර්ණ ජයන්ති සැමරුම් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවයේ දී 2024 හා 2025 වර්ෂවලදී විවිධ අංශවලින් දක්ෂතා දැක්වූ දරු දැරියන් රැසක් හා ශිෂ්‍ය නායක නායිකාවන් රැසක් ත්‍යාග හා සහතිකපත්‍ර ලැබූහ.
කළගෙඩි නැටුම

දැරියන්ගේ ගායන, නර්තන හැකියාවන්ගෙන් වඩාත් ඔප්නැංවුණු මෙම ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ  මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණිය යි. ප්‍රාදේශීය මහා සංඝරත්නය, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථ දායක සභාව, කුලගන සමිතිය, තරුණ බෞද්ධ සංගමය, ආලෝක පෙර පාසැල, දහම් පාසල් දෙමාපියන්, සුබපතන්නන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටිය හ. අස්වාන  ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය ඇහැටුවාගම ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ
අනුශාසනා පරිදි ගරු වැඩ බලන ප්‍රධානාචාර්ය හේමකුමාර විජේසූරිය ගුරුතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම උළෙල මොනවට සංවිධානය කර තිබුණේ සිසු දරු දැරියන්ගේ දෙමාපියන්ගේ සහයෝගයෙනි. 

සභාව අමතන ගරු වැ.බ.
ප්‍රධානාචාර්යතුමා
ස්වර්ණිභිමානී 2024 -
ගුරු සේවා සම්මාන
අද දවසේ ස්වර්ණාභිමානයෙන් අබිසෙස් ලැබූ ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල් මෑණියෝ දිගුකල් දිනේවා. !!!







යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
අස්වාන දහම් පාසල
2025.06.29
විශිෂ්ට කුසලතා කුසලාන දිනූ අපේ දරුවෝ

සඳුන්පුර රේවතාලංකාර
හිමිපාණෝ උපහාර ලබමින්

ප්‍රාථමික අංශයේ දරුවන්ගේ
විචිත්‍රවත් පෙරහැර

උපහාර ලබන දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨතම ආචාර්යතුමිය : ඩබ්.ඒ. සුවිනීතා ගුරු මෑණියෝ

උසස් විභාග ප්‍රශ්නපත්‍ර