News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Tuesday, November 5, 2019

වාර්ෂික පුෂ්ප පූජාව 2019

ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ වාර්ෂික පුෂ්ප පූජාව 2019, 2019 ඉල් වත්වන්නට යෙදුණි, මේ ඒ මහා පිංකමේ මසිත රැඳුණු තැන් කීපයක විවරණයකි.
පොකුරු මල් අසිරිය 
මස 02වන ශනි දින, විහාරස්ථානයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පවත්වන්නට  යෙදුණි. මේ ඒ මහා පිංකමේ මසිත රැඳුණු තැන් කීපයකි.
මල් තොරනෙක අසිරි
ඩබ්.කේ.ඒල්. ප්‍රේමචන්ද්‍ර මහතා (සීගිරි මාමා)
 ගේ උපදෙස් මත ඉඳිවුණු ධර්මාසනය 
ධර්මදේශකයාණෝගේ
පා ධෝවනයෙන්
ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය අැහැටුවාගම අානන්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා දහම් පාසල් ගුරු සිසු දෙමාපිය සැමගේ දායකත්වයෙන්  මෙම පිංකම සංවිධානය කර තිබුණි. ඒ දින කාව්‍යමය ධර්ම දේශනය, ජනප්‍රිය ගුවන්විදුලි හා රූපවාහිනී ධර්ම දේශක කොටගම පඤ්ඤානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ විසිනි. 
මල් තොරන් සතරෙන් ඒකක්
පූජාව ගෙනයමින් 
තවත් මල් තොරනක් 
මෙම පුෂ්ප පූජාව  මෙවර සංවිධානය කර තිබූයේ පින්බර 76වන වතාවට ය. මෙවර මල් පිංකම අතරවාරයේ දී ද ඝන්ඨා නාදයට සමගාමීව රතිඤ්ඤා හඬින් ද ශබ්ද පූජා පවත්වා අවසන මල්  වෙඩි සංදර්ශනයක් අතරතුර දුන් ක්ෂිරපාන දන්සැලකින් 
පිංකම විචිත්‍රවත් විය.
මේ මහා පුෂ්ප පූජාව නිසා සැවොම බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතු ව මේ පිංකම නිමා කළේ  තම  හදවත් වල නොමැකෙක සටහන් ඉතිරි කර ගනිමිණි.


යූ.ඒ. නදීක තනුජය විජේරත්න
අස්වාන දහම් පාසල


No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර