News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Monday, September 9, 2019

දහම් පාසලට ස්ථාන 10ක්

ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල ඉතිහාසයේ ප්‍රථම වරට, මිනුවන්ගොඩ, ප්‍රාද‌ේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල කලාප අංක 01හි පවතින දහම්  පාසල් 34ක් අතුරින් පස් (05) වන ස්ථානය)
හර්ෂනී චතුරිකා
අලුගොල්ල
 ආචාර්යතුමිය
ලබා ගැනීමට සමත් විය. ඒ පමණක් ‌නොව  ‌‌මෙවර දහම් පාසල් සිසු නිිිපුණතා සඳහා ඉදිරිපත් වූ සිසු දරුවන් 35‌දෙනා  අතුරින් දස (10) ‌‌දෙනෙකු ම, විවිධ ස්ථාන ලබා ගැනීමට ද සමත් වූහ.
මෙසේ ලබ‌ාගැනීමට හැකි වූ ස්ථාන දහයෙන් ස්ථාන 04ක් ම, ප්‍රථම ස්ථාන වූ අතර ඉනුත් ප්‍රථම ස්ථාන තුනක් ම (03), ගද්‍ය රචනා තරග ඉසව්ව සඳහා වීම සුවිශේෂත්වයකි. ‌‌මෙම තරගය සඳහා දරුවන් පුහුණු කරණු ලැබුයේ හර්ෂනී චතුරිකා අලුගොල්ල ආචාර්යතුමිය විසිනි. ඉතිහාසයේ ‌පෙර ‌‌න‌ොවූ විරූ ‌මේ ජයග්‍රහණය ‌වෙනුවෙන් අප සැම ‌ඒතුමියට  අපගේ ග‌ෞරවය හා සුුුුුුුුුබපැතුම් පළකර සිටිිිමුු.
ඒමෙන්ම තම කාලය, ශ්‍රමය ‌නොමිලයේ ම දරුවන් ‌වෙනුවෙන් කැප කර පුහුණුකිරීම් වල නිරත වූ අනෙකුත් සියලු ම ගුරු භවතුන්ට ද, තරග වලට සහභාගී වූ සියලු ම දරුවන්ට ද, ඔවුන් ඒ ‌වෙනුවෙන් සූදානම් කළ සියලු ම ‌දෙමාපියන්ට ද අපගේ ස්තූතිය හිමි ‌වේ.

ජයග්‍රාහීී දරුවන් ‌ගේ නාම ‌ලේඛනය පහත දැක්වේ.
ශ‌්‍රේණිය තරගය ස්ථානය නම පුහුණුකළ ගුරුභවතා
07 ශ‌්‍රේණිය දහම් දැනුම 04වන ස්ථානය සිත්මි මින්හාරා හංසිකා සුලෝචනා ගුරුතුමිය
07 ශ‌්‍රේණිය ගද්‍ය රචනා 01වන ස්ථානය නඳුනි ‌නෙත්සරණි හර්ෂනී අලුගොල්ල ගුරුතුමිය
07 ශ‌්‍රේණිය කථික තරගය 03වන ස්ථානය තිසෙනි මින්හාරා ‌හේමකුමාර විජේසූරිය හා නදීක තනුජය ගුරුවරු
08 ශ‌්‍රේණිය ගද්‍ය රචනා 01වන ස්ථානය තිසෙනි ‌මෙතාරා හර්ෂනී අලුගොල්ල ගුරුතුමිය
08 ශ‌්‍රේණිය පාළි පද්‍ය ගායනා 05වන ස්ථානය දුල්මිණ සං‌දේශ් නවංජන ලක්ශ්‍රී ගුරුතුමා
09 ශ‌්‍රේණිය කථික තරගය 03වන ස්ථානය නදීෂ ම‌ෙත්මදු ‌හේමකුමාර විජේසූරිය හා නදීක තනුජය ගුරුවරු
09 ශ‌්‍රේණිය ගද්‍ය රචනා 02වන ස්ථානය ‌‌ඉඳුනි උපේක්ෂා හර්ෂනී අලුගොල්ල ගුරුතුමිය
ද.පා. අවසාන ශ‌්‍රේණිය ගද්‍ය රචනා 01වන ස්ථානය ‌‌නෙත්මි අහිංසි හර්ෂනී අලුගොල්ල ගුරුතුමිය
ද.පා. අවසාන ශ‌්‍රේණිය ‌ජ්‍යෙෂ්ඨ චිත්‍ර තරගය 01වන ස්ථානය ‌‌දුනීෂා පාරමී ------
සියලු ම ශ‌්‍රේණි මව් පිය ගුණ ගී ගායනා 05වන ස්ථානය වරුණ තිලංක ලසන්ජය මධුවන්ත පුතණුවන්


 නිසි බලධාරී
අස්වාන දහම් පාසල
2019-09-09

උසස් විභාග ප්‍රශ්නපත්‍ර