News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Saturday, May 5, 2018

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2017

අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත්  ලෙස පවත්වන්නට යෙදුණි. මේ ඒම උත්සවයේ මසිත රැදුණු තැන් කීපයක අසිරිය යි.


වේදිකා සැරසිල්ල
පොල්තෙල් පහන දල්වන ගරු
මිනුවන්ගොඩ ලේකම්තුමිය
දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය අැහැටුවාගම අානන්ද නාහිමියන්ගේ උපදෙස් පරිදි දහම් පාසල් සංවර්ධන සමිතියේ නොමඳ සහයෝගයෙන් අාචාර්ය මණ්ඩලය, සිසු සහභාගිත්වයෙන් මෙම උත්සවය කදිමට සංවිධානය කර තිබුණි. ඒහි දී සාමාන්‍ය හා විශේෂ ත්‍යාග 360ක්  ප්‍රදානය කෙරුණු අතර සිසු දරු දැරියන් රැසක් උත්සවයට සහභාගී වී සිටියහ.
හේමකුමාර විජේසූරිය
ගුරු පියාණෝ

සිය දිවියේ වසර 38ක්ම දහම් ගුරු සේවයේ නිරත වෙමින් සිටින හේමකුමාර විජේසූරිය ගුරු පියානණ්ට විශේෂ උපහාරයක් දැක්වීම මෙම උළෙලේ විශේෂ සිදුවීමකි.

ත්‍යාග පහක් ලැබූ අපේ හපන්නු පස් දෙනෙගෙන් සිව්
 දෙනෙක් (වමේ සිට දිල්ෂා නෙත්මිණී, ඉමාෂා නෙත්මිණී,
 කසුනි නවෝධ්‍යා සමඟ නදීශ මෙත්මධු)
තම ත්‍යාග ප්‍රදාන උළෙලේ දී ත්‍යාග පහක්(05) ලැබූ දරුවන් 05දෙනෙකු සිටීම ඒම උළෙලේ දුටු සුවිශේෂත්වයකි.

අාරාධිත දෙසුම් මෙන් ම ප්‍රධාන ශිෂ්‍ය නායක පුතණුවන්ගේ කථාව ද හරවත් ඒකක් විය.

අාචාර්ය මණ්ඩලය වෙනුවෙන් උළෙලේ
 ප්‍රධාන වගකීම දැරූ නිසි බලධාරීතුමා
මෙම උළෙල මෙසේ සාර්තක කර ගැනීමට හැකි වූයේ දහම් පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකම් මොරිස් කුමාරපේලි මහත්මා අැතුළු දෙමාපියන් අප වෙත දැක්වූ  නොමඳ 
ප්‍රධාන ශිෂ්‍ය නායක හසිත සුබෝධන

සහයෝගයත්, සමස්ත අාචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලයේ දූ පුතුන් අැතුළු සිසු දරු දැරියන්ගේ කැපවීම හා උනන්දුව තුළිනි.
දහම් පාසල් සංවර්ධන සමිතියේ ගරු ලේකම්තුමා

No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර