News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Thursday, October 12, 2023

දම්රත් සිසු දරුවෝ ළමා, වැඩිහිටි හා ගුරු දිනය එකම දිනක සමරති.

පූජා නැටුම “ශ්‍රී
සම්බුද්ධ රාජා වඳිම්“
 ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල විශ්ව ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය හා ලෝක ගුරු දිනය පසුගිය දා ඒකාබද්ධ උළෙලක් ලෙස ඉතා විචිත්‍රවත් ව පැවැත්විණ. ඔක්තොම්බර් මස 01වන දාට යෙදෙන විශ්ව ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය මෙන් ම, ඔක්තොම්බර් මස 06වන දාට යෙදෙන ලෝක ගුරු දිනය ද මෙසේ ඒකාබද්ධ උත්සවයන් ලෙස පැවැත්වූයේ ඔක්තොම්බර් මස 08වන ඉරිදා ය.

වැඩිහිටි උපහාර ලැබූ ගුරුවරු ඉදිරියේ වැඩිහිටි
දින කථාව කරන අපේ සිතුම් වින්සර පුතණුවන්
දහම් පාසලේ ප්‍රධානාචාර්ය අතිපූජ්‍ය ඇහැටුවාගම ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල, ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දෙමාපියන් හා ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි. සිසු දරුවන්ගේ ගායන හා නර්තන අංග රැසකින් සමන්විත වූ මෙම උළෙලේ දී වැඩිහිටි දිනය වෙනුවෙන් ආචාර්ය මණ්ඩලය තුළ කටයුතු කරන වැඩිහිටියන් සිවු දෙනෙකුට උපහාර පිදිණි. 

ගුරු දිනය වෙනුවෙන් ශිෂ්‍ය නායක දු-දරුවන්ගේ සංග්‍රහය
මීට අමතර ව ළමා දිනය වෙනුවෙන් ඔක්තොම්බර් 01වන දා පැවැත්වූ චිත්‍ර හා රචනා තරග වලින් ජයග්‍රහණ ලැබූ දරු දැරියන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ද මීට සමගාමී ව සිදුවිය.

උත්සව සභාව අමතන විමල්
රාජපක්ෂ මැතිතුමා
උළෙලේ ආරාධිත දේශනය පැවැත්වූයේ දහම් පාසලේ හිටපු ආචාර්ය, දායක සභාවේ සංවිධායක ගරු විමල් රාජපක්ෂ මැතිතුමා විසිනි. තමා රටේ දැනට පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයට පෞද්ගලික ව එතරම් කැමැත්තක් නොදක්වන බව සඳහන් කළ එතුමා, නිරන්තර (අඛණ්ඩ) ඇගයුම් ක්‍රමය වඩාත් උචිත බව තම විශ්වාසය බව ද සඳහන් කලේ ය.
ගුරු දින කථාව - අපේ
ලේකම්තුමිය ගගනි විහාරා
තම දියණියට හා පුතණුවන්ට තමන්ට කැමති දේ කිරීමට ඉඩ දී, එය නිරන්තරයෙන් ඇගයීම තුළින් ලබාගත් සාර්ථක ප්‍රතිඵල මත ඒ දෙදෙනා ම අද ඇමරිකාවේ ඉහළ තනතුරු හොඹවන බැවින් තමා පියකු ලෙස නිදහස් යැයි තම විශ්වාසය බව ද එතුමා කියා සිටියේ ය.
ගුරු දිනය නිමිත්තෙන් දැනට දහම් පාසලේ සේවයේ නියුතු ව සිටින ගුරුවරුන්ට උපහාර තිළිණ ප්‍රදානයක් ද සිදු වූ අතර, ඒ මොහොතේ පසුබිමෙන් වාදනය වූ ගුරුවරයා ගැන කියැවුණු සංවේදී පැදි පෙළ සැමගේ නෙතගට කඳුලක් එක් කළ අවස්ථාවක් විය. 
2023 වෙසක් දිනය නිමිත්තෙන් මාතම්මන ඕතොපෙඩික් සප්ලයර්ස් ආයතනය මඟින් සංවිධානය කළ අන්තර් දහම්
පාසල් වෙසක් නිරිමාණ තරගයේ දී ප්‍රථම ස්ථානය ලබා ගත් “නැදුන්ගමුවේ රාජා“ හස්තියාගේ අනුරුව නිර්මාණය සඳහා නිර්මාණ දායකත්වය ලබාදුන් දරුවන්ට සහතිකපත් ප්‍රදානය ද මීට සමගාමීව සිදුවිය.
ගීතයක් ගයන ගරු
වැ.බ. ප්‍රධානාචාර්යතුමා
මෙවර දහම් පාසල් ළමා දින උළෙලේ වගකීම විජිතා පත්මිණී ආචාර්යතුමිය විසින් ද, වැඩිහිටි දිනයේ වගකීම යොෂිතා දිල්රුක්ෂිි හා චම්පා ශ්‍යාමලී ආචාර්යවරියන් දෙපල විසින් ද, ගුරු දිනයේ වගකීම වොෂිතා අල්ගම ආචාර්යතුමිය විසින් ද උසුලනු ලැබූ අතර, ගරු ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් මේ ඒකාබද්ධ උත්සවයේ සමස්ත වගකීම ගරු විජිතා පත්මිණී කරුණාරත්න ආචාර්යතුමිය විසින් ද, ශිෂ්‍ය - ශිෂ්‍යයාවන් වෙනුවෙන්  සමස්ත වගකීම, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, සිත්මි මින්සරා දෙව්පුර දියණිය විසින් ද උසුලනු ලැබී ය.

ස්තූති කථාව - ප්‍රධාන
ශිෂ්‍යනායක පිණිඳු පියුෂාන් 
සිසු - සිසුවියන්ගේ නර්තනාංග රැසකින් වර්ණවත් වූ මෙම උළෙලේ නර්තනාංග පුහුණු කිරීම දහම් පාසල් ආචාර්ය ලතීකා චන්ද්‍රකාන්ති මියගේ මෙහෙයවීමෙන් සිදුවිය.

විශ්ව ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය හා ලෝක ගුරු දිනය මෙසේ දහම් පාසල් මට්ටමින් උත්සවාකාරයෙන් සැමරීම පසුගිය වසරේ දී ඇරඹුණේ දහම් පාසල් ආචාර්ය හිමාලි ප්‍රියදර්ශනී මෙනවියගේ සංකල්පයක් මතය. කාර්යබහුලත්වය නිසා මෙවර එම උත්සව ත්‍රිත්වය ම ඒකාබද්ධ උත්සවයක් ලෙස මෙසේ අතිසාර්ථක ව පැවැත්වීමට හැකි වූයේ ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය නායක මණ්ඩලයේ අපරිමිත කැපවීම හා උත්සාහය නිසා බව කිවයුතු ම වේ.

යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
අස්වාන දහම් පාසල
2023-10-11


උසස් විභාග ප්‍රශ්නපත්‍ර