News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Saturday, August 17, 2019

අපේ අධ්‍යාපන චාරිකාව 2019, අනුරාධපුර අටමස්ථානය

ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2019, (අනුරාධපුර අටමස්ථානය) 2019 අගෝස්තු මස 11 වන ඉරිදා සාර්ථක ව නිමාවට පත්විය. මේ හි විශේෂ අවස්ථා කීපයකි.
(අටමස්ථානය 1.රුවන්වැලි මහා සෑය 2. ශ්‍රී මහා ‌‌බෝධීන් වහන්සේ 3. මිරිසවැටිය 4. ථූපාරාමය 5. ජ‌ේතවනාරාමය 6. අභයගිරිය 7. ලංකාරාමය 8. ‌ල‌ෝවාමහාපාය)
ගොම්මන‌ේ රුවන්වැලි මහ  සෑ රජුන්
ජය සිරි මහ ‌බෝ රජුන්
දුටුගැමුණු රජු විසින් කර වූ ම‌ෙම දාගැබ වර්තමානයේ අනුරාධපුරයේ තිබෙන ප්‍රධානතම පූජනීය චෛත්‍යය ලෙස සැලකේ. වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් (නව ‌ද්‍ර‌ෝණයක් වන සමස්ත සර්වඥ  ධාතු වලින් ඒක් ද්‍ර‌ෝණයක්)  කර ඇති චෛත්‍යයද මෙය බව සැලකේ. විෂ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්තූපය ගිලා නොබැසීම සඳහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා, යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු අපේ ඉතිහායේ සඳහන් වේ. අත්තිවාරම ශක්තිමත් වීම සඳහා, ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ විසින් නව වරක් වරින් වර ඝෘර්ධියෙන් ‌පොළොවට ගිල්ල වූ බව කියැවේ. 
මිරිසවැටිය
සිදුහත් බෝසත් තුමා බුද්ධගයාවේදී බුද්ධත්වයට පත් වන විට ඊට සෙවණ ලබා දුන් බෝධි වෘක්ෂයේ දකුණු ශාඛාව ධර්මාශෝක රජතුමාගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම වූ පසු දෙවනපෑතිස් රජු එය අනුරාධපුරයේ බෝධීන් වහන්සේ අද වැඩ සිටින ස්ථානයේ රෝපණය කළේය.එමෙන්ම ලක් රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කළ බවත් දැක් වේ. ශී‍්‍ර මහා බෝධි මළුවේ මළු පහක් තිබේ. ඒවා නම් උඩ මළුව, රන්වැට මළුව, විහාර මළුව, දේවාල මළුව, වැලි මළුවය. මීට අධිගෘහිත දෙවියා ලෙස සැලකෙන්නේ කලු දේවතා බණ්ඩාර හෙවත් විෂ්ණු දෙවියන්ය.
ථූපාරාමය
මහා වංශයේ සදහන් පරිදි දුටුගැමුණු රජු අතපසුවීමකින් භික්ෂූන්ට අග්‍ර කොටස පිළිනොගන්වා මිරිස් මාළුවක් ආහාරයට ගත් නිසා මිරිසවැටිය නමින් දැගැබක් ඉදි කර එය භික්ෂූන් වහන්සේට පිළිගැන්වූ බවයි. දුටුගැමුණු රජු එළාර රජු සමඟ සටන් කොට ජයලබා අභිෂේක කොට හත් වැනි දින ජලකෙළියට තිසා වැවට බසිනා විට මිරිසවැටිය ඉදි කරන ලද ස්ථානයේ තම ජය කොන්තය තැබූ බවත් පසුව එය ගැනීමට හැදුමුත් සෙලවීමටත් නොහැකි වූ බවත් එය ද තැන්පත් කොට මිරිසවැටිය කරවූ බවක්ද කියවේ.
අනුරාධපුරයේ මුලින්ම ඉදි වූ දාගැබ ථූපාරාමය වන අතර අටමස්ථානවල පැරණිම දාගැබ වේ. දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්තූපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ වන අතර මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී.
ලොව විශාලතම දාගැබ ලෙස සැලකෙන ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදි කරවන ලදි. බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් ගෙන නිධන්කොට ජේතවනාරාමය ඉදි කළ බව සැලකේ.
ජ‌ේතවනාරාමය
අභයගිරිය
ල‌ෝවාමහාපාය
වළගම්බා රජු යුද්ධයකදී දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ සිහසුන අතහැර කඳුකරයට පලා යද්දි ජෛන ආශ්‍රමයක සිටි ගිරි නම් නිගන්ඨයකු රජු දැක “මහා කලු සිංහලයා පලා යනවා” යයි කෑ ගැසීය. වසර 14 කට පසු වළගම්බා රජු රහසිගතව සේනා සංවිධානය කර භාතිය නම් දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසූ තැන අභයගිරිය (ගිරි නිගන්ඨයාගේ නමත්, වට්ඨ ගාමිණී අභය නම් වූ තම නමේ අභය ‌කොටසත් එකතු කර) තනවන ලදී. 
ලංකාරාමය
වළගම්බා රජු සතුරන් සමඟ යුද්ධකර ජයගත්තේ එතුමාගේ බිසව වන සෝමා දේවිය නිසාය. එම නිසා ඇයට රජු විසින් අගනා මැණිකක් පරිත්‍යාග කළ අතර එම මැණික මෙම දාගැබේ තැන්පත් කර ඇති බවද කියැවේ. . ලංකාරාමය අටමස්ථාන අතරින් කුඩාම දාගැබ වේ.
දෙව්ලොව ප්‍රසාදයක සැකැස්මකට අනුව අනුරාධපුරයේ ඉදි කරන ලද එකම ආගමික ස්ථානය ලෝවාමහා පායයි. ලෝවාමහා පාය ඉදි කිරීමේදී දුටුගැමුණු රජු විසින් ඒ සඳහා අවශ්‍ය වන සැලැස්ම රහතන් වහන්සේලාගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී රහතන් වහන්සේලා විසින් තව්තිසා දෙව්ලොව තිබූ ප්‍රසාදයක් ඇසුරින් සැලැස්ම සකස් කර දී තිබේ.


අටමස්ථානයට අමතර ව, ‌වෙස්සගිරියට, ඉසුරුමුණියට හා සමාධි පිළිමය, ‌නෙල්ලිකුලමට  ද අපේ චාරිකාව විහිද ගියේ ය. ‌මේ ඒ පිළිබඳ සටහනයි.
වෙස්සගිරිය
කොළඹ සිට ඇල්ල හරහා සහ කොළඹ සිට පුත්තලම හරහා ඇති මාර්ගය අනුරාධපුරයේදී සම්බන්ධ වන පුත්තලම හන්දියෙන් ඉසුරුමුණිය හරහා පූජා භූමියට යන මාර්ගයේ ටික දුරක් යන විට දකුණුපස අලංකාර නිස්කලංක ගල්තලාවක් සහිත භූමියක් හමුවෙයි. එකසේ බැලූ බැල්මට එහි පවතින නිස්කලංක භාවය නිසා මෙම භූමිය අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි පින්බිමක් බව පැහැදිලිය. එය වෙස්සගිරිය නමින් හැඳින්වේ. ‌වෛශ්‍ය කුළයේ අය පන්සියයක් පැවිදි ව සිටි නිසා ‌මේ ගිරිහිස ‌වෛශ්‍යගිරිය, ‌වෙස්සගිරිය වූ බව ප්‍රකට ය.
අනුරාධපුර අටමස්ථානයට අයත් නොවන සිද්ධස්ථානයක් වුවත් මේ හැමදෙනාම පාහේ නොවරදවාම සැදැහැසිතින් යා යුතු ස්ථානයකි, ඉසුරුමුණිය රජමහා විහාරය.දේවානම් පියතිස්ස රජතුමා මේ විහාරය කරවුයේ මිහිඳු හිමියන් ළඟ පැවිදිවූ එතුමාගේ බෑනා කෙනෙකුවූ අරිට්ඨ කුමාරයා ඇතුළු පන්සියයක් වෛශ්‍ය කුලයේ දරුවන් වෙනුවෙනි. ඉසුරුමුණි ගල් කැටයම් අතර තවත් ප්‍රසිද්ධ කැටයමකි, මිනිසා සහ  අශ්ව හිස

ඉසුරුමුණිය රජමහා විහාරය
ඉසුරුමුණි ‌පොකුණේ ඇත් රූ
මේ කැටයමින් කපිල ඝෘෂිවරයා හා  ඔහුගේ අශ්වයා නිරූපනය වන බව ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි. ‌‌‌මේ වැස්ස වළාහක පර්ජන්‍ය ‌‌දෙවියන් බව ‌සෙනරත් පරණවිතාන මහතාගේ මතය යි. ‌මේ වාඩිිවී සිටින ඉරියව්ව මහා රාජ ලීලාසන ඉරිිියව්ව ‌ලෙස හැඳින්වේ. ඉසුරුමුණිය‌ේ විශිෂ්ටත ම ගල් කැටයම ඉසුරුමුණි ‌පෙම් යුවල යි. ඉන් සාලිිිය කුමරු හා අශෝකමාලා නිිරූපනය වන බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහස යි. මේ ශිව හා පාර්වතී ලෙසත්, මංජු ශ්‍රී හා ශක්ති ලෙසත්, සෙබලෙකු හා බිරිඳ ලෙසත් විවිධ අදහස් පලවී ඇත.
මිනිසා සහ  අශ්ව හිස
ඉසුරුමුණි රජ පවුල නම් කැටයම ලංකා ඉතිතිහාසයේ රජ පවුලක කැටයමක් හමුවන ඒක ම අවස්ථාව ‌‌ව‌ෙයි.
ඉසුරුමුණි ‌පෙම් යුවල
ඉසුරුමුණි රජ පවුල
මේ කැටයමේ මැද අන් අයට වඩා තරමක් උස අසුනක රජතුමා අසුන්ගෙන සිටි. ඔහු දකුණත ඔසවා යමක් පැහැදිලි කරන බවක් පෙනේ. ඔහුගේ වමත දේවියගේ උකුල මත ඇති අතර දේවිය දෙඅතින්ම ඒ අත අල්ලාගෙන සිටි. පසෙකින් සිටින කුමරා දෙඅත් පපුව මත තබාගෙන සාවධානව යමකට ඇහුම්කන් දෙන බවක් පෙනේ.   මෙහි සිටින්නේ දුටුගැමුණු රජතුමා, දේවිය හා සාලිය කුමරු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. අනුරාධපුර සමාධි පිලිමය හා ‌නෙල්ලිකුලම ‌ල‌ෙන් විහාරය පිළිබඳ ත‌ොරතුරු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. 

යූ. ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
නිසි බලධාරී
අස්වාන දහම් පාසල

උසස් විභාග ප්‍රශ්නපත්‍ර