News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Wednesday, September 26, 2018

පිදුරන්ගල රජ මහා විහාරය

කතාබහට ලක්වූ පිදුරන්ගල රජ මහා විහාරය



පිදුරංගල කියන්නෙ අතීතයේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටි. කටාරම් කොටා මනාව ඉදිකල ආවාස සංකීර්ණයක්.
සීගිරිය නිර්මාණය කීරීමට කලින් ඒ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා වැඩවාසය කර අති බවට ත්.සීගිරිය නිර්මණය කිරීමට පෙර කාශ්‍යප රජු විසින් අංග සම්පූර්ණ ආවස සංකීර්ණයක් සාදවා පූජාකල බවත් සදහන්වේ.ඒ පිදුරන්ගල විහාරයයි.අද වනවිට මෙහි
පැරණි විහාර ගෙයක් දක්නට ලැබෙනවා. ඒ අසලින් ඇති පඩි පෙල ඔස්සේ ඉහලට ගමන් කල විට පැරණී ගල් ගුහා අශ්‍රිතව ඉදි කර ඇති භාවනා කුටි සහ ගඩොලින් ඉදි කල විශාල සැතපෙන බුදු පිළිමයත් ඒ අසලම ඇති පොකුනකුත් දැක ගත හැකියි.
කනගාටුවට කාරනයනම් ඒ සැතපෙන බුදු පිලිමය නිතර නිදන් හොරු විසින් හාරලා තියනවා.
ඒ වගෙම තමා කාශ්‍යප රජු තම පියා මැරීම ගැන පසුව විශාල පසුතැවීමකින් ඉදලා තියනවා. ඒ නිසා පසු කාලීනව ගොඩක් ආගමික කටයුතු වල්ට නැබුරු වෙලා තියනවා. රජතුමා දිනකට දෙවරක් බුදුන් වැන්ද බව සදහන් වෙනවා. ඒ නිසා සීගිරියට හොදින් පෙනෙන පරිදි ඉස්සෙල්ලා කිව්ව සැතපෙන පිලිමය ඉදුකලා කියලත් කියනවා
ඒ වගේම තමා සීගිරි බිතුසිතුවම් වල ඉන්න මල් අතින් ගත්ත ලදුන් ඉන්නෙ පිදුරංගල දෙසට හැරිලා. ඒ නිසා එයාලා පිදුරංගලට මල් ගෙනයන විදිහට ඉන්නවා කියලා සමහරු කියනවා.

මෙය පසු කර තවත් ඉදිරියට විශාල ගල් අතරින් ඇති තරමක් අපහසු මාර්ගයේ ගමන් කිරීමෙන් ගල් පර්වතයේ මුදුනට ලඟා විය හැකියි. මුලින්ම ඔබට දිස්වන සීගිරි පර්වතයේදර්ශණය ගමන් වෙහෙස සැනින් නිවා දමන්නට සමත් වනවා. පර්වතයේ තවත් ස්වල්ප දුරක් ඉහලට ගිය විට මුළු ප්‍රදේශයම පහසුවෙන් දැක ගත හැකියි. දඹුල්ල පන්සල හා රිටිගල කන්දද මෙහි සිට දැක ගත හැකියි. අතීතයේ පර්වතය මධ්‍යයේ තිබූ දාගැබක හෝ වෙනත් ගොඩනැගිල්ලක සලකුණු අදටත් පැහැදිලිව දැක ගන්නට ලැබෙනවා.

නලින්ද ශ්‍රීපාල්


No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර