පුස්තකාල ඔබ කොතෙකුත් දැක ඇතුවාට සැක නැත. එය විශ්වවිද්‍යාල පුස්තකාලයක්, අායතන පුස්තකාලයක්, මහජන පුස්තකාලයක් හෝ පාසල් පුස්තකාලයක් හෝ විය හැක. ඔබ ඉන් පොත් ලබා ගෙන පරිශීලනය කරනවා වන්නටත් පුළුවන. මේ අතර දහම් පාසලක පුස්තකාලයක් පවත්වාගෙන යාම විශේෂ සිදුවීමකි. එම ලංකාවේ දහම් පාසලක පරිඝනක ගතකළ පුස්තකාල ඇතැ යි කිවොත්, සමහරවිට ඔබ පුදුම වනු ඇත. නමුත් එය පසුගිය දා සැබෑ විය.
You may have seen so many libraries.It may be a University Library, an Institutional Library, a Public Library or a School Library. You may borrowing books from one of these. It is special that maintaining a library in a Dhamma School (Sunday School) in Sri Lanka.You may wonder If I said, there is a Computerized Librayy in a Dhamma School, Sri Lanka. But it became a reality in the near past.
ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ, අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ ක්‍රියාත්මක වන "ගෞතම ශ්‍රාවක" පුස්තකාලය පරිඝනක ගතකර යළි විවෘත කිරීම 2019 දුරුතු මස 06වන දා එම දහම් පාසලේ දී සිදුවිය.
Reopening of "Gauthama Shrawaka" Library of Sri Dharmarathnodaya Dhamma School, Aswana, Minuwangoda, Gampaha District, Sri Lanka, as a Computerized Library on 06th January 2019 at the premises.
ගරු වැ. බ. ප්රධානාචාර්යතුමන් අතින් ප්‍රථම පොත ලබන, සුමනලතා ගුරුතුමිය The First book Checked Out |
දහම් පාසලේ ගරු වැඩබලන ප්‍රධානාචාර්ය හේමකුමාර විජේසූරිය මැතිඳුන් විසින් මෙම නව ආරම්භය සංකේතවත් කරමින්, පරිඝනකය ඔස්සේ ප්‍රථම පොත නිකුත්කරනු ලැබූයේ දහම් පාසලේ ජ්‍යෙෂ්ඨත ම ආචාර්යවරිය වන සුමනලතා රාජපක්ෂ මහත්මිය වෙත ය.
The Acting Headmaster, Mr. Hemakumara Wijesooriya, checked out the first book of computerized library, to Mrs. Sumanalatha Rajapaksha, who is the most senior academic member of the Dhamma School.
දහම් පොත-පත පන්සියයකින් පමණ සමන්විත වන මෙම "ගෞතම ශ්‍රාවක" පුස්තකාලය, මුලිකව ම ආරම්භ කළේ එවකට දහම් පාසලේ උපප්රධානාචාර්යවරිය ලෙස කටයුතු කළ එම්. ඒ. විජිනි ඉසංකා ගුරුතුමිය විසින්, 2015 ජුනි මාසයේ දී ය.
වැඩසටහනේ නියමුවා වූ නදීක තනුජය ගුරුතුමන් සිසු දියණියකට පොතක් ලබා දෙමින් Checked Out by the Guide of the event |
This Gauthama Shawaka (Disciples of Siddhartha Gauthama, The Lord Buddha) library was established on June 2015 by Miss Vijini Isanka, who was the Vice-Headmistress then.
ඒ අනුව පරිඝනක ගතකළ පුස්තකාලයක් හිමි ප්‍රදේශයේ ක්‍රියාත්මක වන එකම දහම් පාසල බවට අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල පත්ව සිටී.
So Aswana Sri Dharmarathnodaya Dhamma School, became unique in the area, which has a Computerized Library.
දහම් පාසලේ ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබන මේ දහම් පාසල් පුස්තකාලය පරිඝනක ගතකිරීම, යූ. ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න ගුරුතුමන්ගේ උත්සාහයක ප්රතිඵලයකි.
This remarkable event of the Dhamma School History, is a result of the effort made by Mr. U. A. Nadeeka Thanujaya Ramyasiri Wijerathna, an academic member.
This remarkable event of the Dhamma School History, is a result of the effort made by Mr. U. A. Nadeeka Thanujaya Ramyasiri Wijerathna, an academic member.
No comments:
Post a Comment